brand logo

විද්‍යාපීඨ අයැදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට

12 August 2020

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා මාර්ගගත (online) ක්‍රමයට පමණක් අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. අයැදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘අරුණ’ට ඊයේ (11 වැනිදා) පැවසීය. මෙවර විද්‍යාපීඨවලට සිසුන් හාරදහස් දෙසිය පනස් දෙනෙක් පමණ ඇතුළත් කර ගැනීමට නියමිතය. පසුගිය 2018 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට සුදුසුකම් ලැබූවන් පමණක් මෙවර ඇතුළත් කර ගැනෙන අතර ඉකුත් වසරේ දී ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට අමාත්‍යාංශය පියවර ගත්තේ ය. මෙවරත් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීම සඳහා විද්‍යාපීඨවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බව ඉහත කරුණු දැක්වූ නිලධාරීයා කීවේය. කොවිඩ් වයිරස් තත්ත්වය මත මෙම වසරේ විද්‍යාපීඨ පුහුණුව අවසන් කළ ගුරුවරුන්ට පත්වීම් ලබා දීම ද කල් ගොස් තිබේ.   නිලන්ත මදුරාවල
 

More News..