brand logo

විද්‍යාපීඨවලින් පිට වූ 3700කට වැඩි පිරිසක් ඉදිරි දෙසතිය තුළ ගුරු සේවයට

05 January 2021

විද්‍යාපීඨවලින් පිට වූ 3772 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම ඉදිරි දෙසතිය තුල සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඔවුන්ගේ පත්වීම් ලිපි තැපැල් මගින් නිවසට යොමු කරන බවයි එහි අතිරේක ලේකම් පී.කේ.එස්. සුබෝධිකා මහත්මිය සඳහන් කර තිබේ. ලබන 11 වැනි දා ආරම්භ වන නව පාසල් වාරය ඇරඹීමට ප්‍රථමයෙන් අදාළ පත්වීම් ලිපි' විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් අතට පත් කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කරනවා. එම පිරිසෙන් 1000ක් දෙනා ජාතික පාසල් වෙත යොමු කෙරෙන අතර සෙසු පිරිස පළාත් සභා පාසල් වෙත යොමු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ. විද්‍යා පීඨවලට බැඳුණු දිස්ත්‍රික්කය හා විද්‍යාපීඨ අවසන් විභාගයෙන් ලත් අවසන් ලකුණු අනුව පත්වීම් ලබා දෙන පාසල ලැබෙන බවද සඳහන් කරනවා.
 

More News..