brand logo

විද්‍යාපීඨවලට අයදුම්කල සිසුන්ට විශේෂ දැනුම්දිමක්

24 September 2020

2020 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීම හේතුවෙන් අයදුම්පත් යැවීමේදී සිදුවූ වැරදි හෝ ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම සඳහා අවස්ථාවක් අයදුම්කරුවන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, 2020-09-26 දින සිට 2020-09-30 දක්වා දින හතරක කාලයක් ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම වෙනුවෙන් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. අදාළ අයදුම්කරුවන් විසින් එම දින 4 ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත හෝ www.moe.gov.lk හෝ info.moe.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිස උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර අයදුම්කරුවන්ගේ දත්ත පරීක්ෂාකර එම සංශෝධන සිදුකළ හැකි බව අමාත්‍යංශය පැවසීය.
 

More News..