brand logo

විජේවීරගේ පුතා වුණාට ජවිපෙ පුත්‍රයා නොවේ - විජේවීරගේ පුතා 'උවිඳු' කියයි

14 February 2020

තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වන නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බව එම පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පවසයි. තමාට ජනතා විමුකිති පෙරමුණේ අයිතියක් නොමැති බවත් එම පක්ෂයේ අයිතිය තිබෙන්නේ එම පක්ෂයේ දේශපාලනය කරන අයට පමණක් බවත් හෙතෙම ප්‍රකාශ කරයි. එසේ වුවද දේශපාලනය නොකරන්නැයි තමාට පැවසීමට කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහු සඳහන් කරයි. විදෙස්ගතව සිට මේ දිනවල මෙරටට පැමිණ සිටින උවිඳු විජේවීර මාධ්‍ය ඉදිරියේ කරුණු දක්වමින් රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුතුකම් ඉටු කළ යුතුයි. රට වෙනුවෙන් ඉදිරියට ඒමට සූදානම් බවද ඔහු පැවසීය. එලෙස රට වෙනුවෙන් යුතුකමක් ඉටුකිරීමට මාක්ස්වාදී පක්ෂයක් අවශ්‍ය නොවන බව පවසන උවිඳු රටවල් 60කට අධික සිසුන් සිටි විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයේ නායකත්වය දරා ඇති නිසා දූපත් මානසිකත්වයකට තමන් කොටුවී නැති බව අවධාරණය කරයි. ‘‘ලෝකය වෙනස්විය යුතුයි. අලුත් දේවල් සමග ඉදිරියට යා යුතුයි. රටේ බිහිවන නායකත්වය සමග රට වෙනුවෙන් ඉදිරියට යාමට මා සූදානම්’’ යැයි උවිඳු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. හේමන්ත ලියනපතිරණ
 

More News..