brand logo

විජේදාසට රුපියල් මිලියන 500 ක් ගෙවන්නැයි ලේක්හවුස් ආයතනයට නියෝග

31 May 2019

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි වශයෙන් ගෙවන මෙන් කොළඹ දිසා අධිකරණය විසින් ලේක්හවුස් ආයතනයට එරෙහිව දුන් තීන්දුව ස්ථිර කර තිබේ. ඒ ඊයේ (30) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසිනි. ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල පල කරන ලද ප්‍රවෘත්තියකින් සිය කීර්තියට හානි සිදු වූ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් විජයදාස රාජපක්ෂ මහතා විසින් 2010 වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. ඒක පාක්ෂිකව පැවති මෙම නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ දිසා අධිකරණය අදාළ ප්‍රවෘත්තිය තුළින් විජේදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානියක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙසත් ලේක්හවුස් ආයතනයට නියම කර තිබුණි. එම තීන්දුවට එරෙහිව ලේක්හවුස් ආයතනය විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබුණු අතර එය විභාග කල බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය මඟින් දුන් තීන්දුව ස්ථිර කරනු ලැබීය.
 

More News..