brand logo

විජිත් විජිතමුණිගේ පුත්‍රයාගේ විවාහ අරලියගහ මැදුරේදි සිදුකෙරෙයි

03 May 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් ගජිදු සොයිසා මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ (2) කොළඹ අරලියගහ මන්දිරයේදී පවත්වනු ලැබීය. අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී මෙම විවාහ මංගලය‍ පැවති බවට වාර්තා වේ. පසුගිය පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ෂැංග‍්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් එහි කලින් වෙන්කර තිබූ උත්සවය පැවැත්වීමට නොහැකි වීම නිසා මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සිදුව ඇති බව වාර්තාවේ. මෙහි ආරාධිතයන් ලෙස ජනාධිපතිවරයා සහ අගමැති සහ මැති ඇමැතිවරු ඇතුළු විවාහ යුවළගේ පවුලේ ඥාතීන් ද සහභාගි වී තිබේ.
 

More News..