brand logo

විජයදාස අද ජනාධිපති කොමිසම හමුවට

27 March 2019

පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (26) කැඳවා තිබේ. ඒ ඔහු විසින් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි 2ක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ය. කොමිසමේ පොලිස් ඒකකය කළ දැනුම් දීමට අනුව විජයදාස රාජපක්ෂ මහතා අද (26) දිනයේ පැමිණෙනු ඇති. පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණාවරණයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මහජන මුදල් අවභාවිත කළ බවට හා මහපොළ අරමුදලේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම පැමිණිලි යොමු කර තිබේ.
 

More News..