brand logo

විජයදාසගේ පුතාට ඇප

20 April 2021

රාජගිරිය ප්‍රදේශ රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. ඒ, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතයි. ඊයේ (19) රාත්‍රී 10.30ට පමණ රාජගිරිය ගුවන් පාළම අසල දී මෙම අනතුර සිදුව ඇත. රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

සබැදි පුවත්...

විජයදාස රාජපක්ෂගේ පුතා අත්අඩංගුවට

 

More News..