brand logo

විජයග්‍රහණයේ සැමරුමට දශකයයි

18 May 2019

තිස් වසරකට ආසන්න කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම මගින් මුලිනුපුටා දමා අදට වසර 10 ක් සපිරේ. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්විමත් සමඟ වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන් වුණි. සාමයේ දසවර්ෂාභිෂේක සැමරුම් උළෙල හෙට (19) පැවැත්වීමට නියමිත වේ. යුද්ධයේදී දිවිපිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ ඒ වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් සිහිපත් කරමින් මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය. හෙට පස්වරු 03ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇත. ආරක්ෂක අමාත්‍යංශය, සියලු මහජනතාව වෙත දැනුම් දෙන්නේ ඒ අනුව හෙට (19) රාත්‍රී 7.00 ට ආගමික ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන මෙන්ම සියලුම නිවෙස්වල සාමයේ පහනක් දල්වා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත කැප කළ වීරෝධාර රණවිරුවන් ස්මරණය කරන ලෙසයි.
 

More News..