brand logo

විගීගෙන් TNA ට විරුද්ධව දෙමළ ජනතා පෙරමුණ උතුරට හා නැගෙනහිරට

04 January 2020

මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට විරුද්ධව උතුරු නැගෙනහිර මැතිවරණ මෙහෙයුම් සිදු කිරීම සඳහා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් ‘‘දෙමළ ජනතා පෙරමුණ’‘ නමින් නව සන්ධානයක් බිහි කිරීමට සැලසුම් කර ඇත. නව සන්ධානය සඳහා උතුරු නැගෙනහිර ක්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇත. හිටපු මහ ඇමැතිවරයා ලබන 08 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයෙන් පසු නව සන්ධානය බිහි කිරීමට ඔහු සැලසුම් කර ඇත. දෙමළ ජාතික සන්ධානයද උතුරු - නැගෙනහිර පළාත්වල මෙන්ම දකුණේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. උදයජීව ඒකනායක
 

More News..