brand logo

විග්නේශ්වරන් යුරෝපීය නියෝජිතයන් හමුවේ උතුරේ ජනතා අර්බුදය දිගහරියි

21 August 2018

උතුරු නැගෙනහිර තත්වය සොයා බැලීම වෙනුවෙන් මෙරට සංචාරයකට එක්ව සිටින යුරෝපා රටවල නියෝජිතයින් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේශ්වරන් අතර සාකච්ජාවක් ඊයේ (20) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ. උතුරු නැගෙනහිර පළාත් තුළ පවතින හමුදා ක`දවුරු හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජිවිතයට බාධා එල්ල වී ඇති අතර මහවැලි ජලය උතුරු පළාතට ලබාදෙන ‍බවට රජය මුසා පවසා දකුණේ සිංහල ජනතාව උතුරු පළාතේ පදිංචි කොට ඇති නමුත් මහවැලි ජලය තවමත් උතුරු පළාත වෙත ලබාදීම සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවද හෙතෙම යුරෝපීය නියෝජිතයින් වෙත පැවසූහ. රජය දිගින් දිගටම දකුණේ ජනතාව උතුරු පළාතේ පදිංචි කරන නමුත් යහපාලන රජය තුළින් හෝ උතු‍රු පළාතේ ජනතාවට සාධාරණයක් ඉටුනොවී ඇති බවද එහිදී විග්නේශ්වරන් පැවසීය. හිටපු එල්. ටී. ටී. සාමාජිකයින් පුනරුත්තාපනය කිරීමේ වැඩසටහන යටතේ අදාළ පිරිස් රජයේ ඔත්තුකරුවන් බවට පත්කොට ඇති අතර රජයේ හමුදාවන් වෙත සහයෝගය ලබාදීමේ පොරොන්දු මත අදාළ පිරිස් නිදහස් කිරීමටද රජය කටයුතු කරන බවටද හෙතෙම යුරෝපීය නියෝජිතයින් වෙත එහිදි පැවසීය. සාකච්ජාවන් වෙනුවෙන් යුරෝපීය රටවල් නියෝජනය කරන නියෝජිතයින් 40 දෙනෙකු පමණ පිරිසක් සහභාගි වී සිටියහ.
 

More News..