brand logo

විග්නේශ්වරන් එළුග තමිල් විරෝධතාවය පවත්වයි - හර්තාල් ව්‍යාපාරය අසාර්ථකයි

16 September 2019

එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් උතුරු පළාතේ හර්තාලයක් පවත්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා සිදුකළ ඉල්ලීම උතුරේ බහුතරයක් වෙළඳ ව්‍යාපාරිකයින් ප්‍රතික්ශේප කොට තිබු ආකාරයක් අද (16) දැක ගැනීමට හැකිවිණ. එළුග තමිල් නොහොත් නැගිටිව් දෙමළුනි යනුවෙන් පැවැත්වෙන විරෝධතාවයට සහයෝගය ලබාදෙන ලෙස උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වවුනියාව,කිලිනොච්චිය,මුලතිව්,යාපනය හා මන්නාරම වෙළඳ සංගම්වලින් සිදුකළ ඉල්ලීම බොහෝ වෙළඳ ව්‍යාපාරිකයින් ප්‍රතික්ශේෂ කොට තිබිණ. වවුනියාව,මන්නාරම හා කිලිනොච්චිය වෙළඳ සංගම් අදාළ ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් සාමාන්‍ය පරිදි වෙළඳ ව්‍යාපාරික ස්ථාන විවෘත කොට තිබු අතර, මුලතිව් හා යාපනය වෙළඳ ව්‍යාපාරිකයින් පමණක් අදාළ ඉල්ලීම අනුමත කොට තිබිණ. යාපනය හා මුලතිව් ප්‍රදේශයේද ඇතැම් වෙළෙන්දන් සිය ව්‍යාපාරික ස්ථාන විවෘත කොට තිබෙන ආකාරයක්ද දැක ගැනීමට හැකිවිණ. උතුරු පළාතේ සියළු පාසල් වසා දමා හර්තාලයක් පවත්වමින් එළුග තමිල් විරෝධතාවයට සහයෝගය පළ කරන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා සිදුකළ ඉල්ලීමටද පාසල් විදුහල්පතිවරුන් අද(16) සහයෝගය පළ කිරීම ප්‍රතික්ශේෂ කොට තිබිණ. වවුනියාව,කිලිනොච්චිය,මුලතිව්,මන්නාරම හා යාපනය ප්‍රදේශයන්ගේ සියළු පාසල් අද(16) සාමාන්‍ය පරිදි පැවැත්වු ප්‍රදේශවාසීන් පැවසීය. උතුරු පළාතේ පාසල් වෙත සදුදා දින වන අද(16) දිනයේ පාසල් නොපැවෙත්වෙන බවට සිදුකරන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් උතුරු පළාතේ සියළු පාසල් අද (16) පැවැත්වෙන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතාද නිවේදනයක් නිකුත් කොට තිබිණ. ඉල්ලීම් ගණනාවක් ඉල්ලීම් කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව විසින් එළුග තමිල් විරෝධතා වැඩසටහන යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබීය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..