brand logo

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

17 June 2021

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් ඊයේ (16) හටගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කර තිබේ. වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ පස්වරුවේ රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයකින් යුත් ඉතා සුළු භූකම්පන තත්ත්වයක් ඇති වී තිබුණි. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවයි. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා, "වික්ටෝරියා වේල්ලට මදක් පහලින් කුමාරිගම කියන ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයන් ඇතිවීම තුළ ජනතාව බිය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩොලමයිට් නිදියක් මත මතයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. අපි කරපු සමීක්ෂණ අනුව ඩොලමයිට් කුහර ආශ්‍රිතව තියෙන වා කුහරයන්ට ජලය එක්රැස්වීම තුළ ඇතිවෙත තත්ත්වයක් තමයි තියෙන්නේ. කෙසේවෙතත් වැඩිදුරටත් ඒ ගැන පරීක්ෂණ කරනවා."
 

More News..