brand logo

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාධිතයින්ගේ වැඩිවීමක්

01 August 2020

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත වූ පැය 24තුළදී නව කොරෝනා වයිරස ආසාධිතයන් 397 දෙනකු හඳුනාගෙන ඇති අතර වයිරස ආසාධිත මරණ 3ක් වාර්තා වී ඇත. අවසන් පැය 24 දී හඳුනාගත් ආසාදිතයන්ගෙන් 37දෙනෙකු සමාජය තුළ පැතිර යාම නිසා මෙසේ සිදුවූ  බවත් අනෙක් ඒවා තරමක් සංකීර්ණ බවත් වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් පැවැසීය. සිකුරාදා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරස ආසාධිතයන් 600කට වඩා හඳුනාගෙන තිබිණි. ඒ අනුව සිකුරාදා දිනයට සාපේක්ෂව සෙනසුරාදා දිනයේදී හමු වූ වයිරස ආසාධිතයන්ගේ ගණන අඩු වී ඇත. එසේ වුවත් වයිරස ආසාධිතයන් 300 ක් වුවද සැලකිය යුතු ගණනක් යැයි ප්‍රාන්ත ආණ්ඩු ප්‍රධානියා පැවසීය.
 

More News..