brand logo

වෑවල මාළු වෙළෙන්දෙක්ට කොවිඩ්

31 October 2020

හොරණ වෑවල මාළු වෙලෙන්දෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. හොරණ වෑවල අගුරුවාතොට පාරේ (7 සුපර් සිටි ආයතනය ඉදිරිපිට) ඇති මාළු වෙලදසැලෙහි වෙළද මහතාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම නිසා ඔක්තෝම්බර් මස 15 සිට 19 දක්වා එම වෙලද සැලෙන් මාළු ලබාගත් සියලුම පාරිභෝගික භවතුන් හැකි ඉක්මනින් පහත දුරකතන ඔස්සේ සම්බන්ද වී තොරතුරු ලබා දී තහවුරු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සහ හොරණ නගර සභාව දැනුම් දෙයි. මේ වනවිට වෙළඳ මහතාගේ ආශ්‍රිතයින් සහ මාළු වෙළඳසැලට පැමිණි පුද්ගලයින් 25ක් හඳුනාගෙන PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. MOH කාර්‍යාලය – 034 2261278 ප්‍ර.ම.සෞ.ප – 077 6354441 ම.සෞ.ප (හොරණ නගර සභාව) – 071 8031262
 

More News..