brand logo

වෑන් රථයක් පෙරළී යාමෙන් 06කට තුවාල

04 December 2018

ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ගමන් ගත් සුඛෝපභෝගී වෑන් රථයක් කැබිතිගොල්ලෑව දුටුවැව ප්‍රදේශයේදී ඊයේ(03) සවස පෙරළීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ යාපනය ත්‍රිකුණාමලය මාර්ගයේ 13 වන කිලෝමීටර කණුව ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි. වර්ෂාව සහිත අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර,තුවාලකරුවන්ගේ තත්වය තරමක් බරපතල බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..