brand logo

වැසි සහ සුළං ඉදිරියටත් අපේක්ෂිතයි

20 September 2020

  නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින නිසාවෙන් වැසි සහ සුළං තත්ත්වය අද දින (20) තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවට අපේක්ෂා කරනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව වැඩි දුරටත් සඳහන් කරනවා. තවද උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන් වනවා. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තද සුළං සහිත තත්වයක් අපේක්ෂා කරනවා.
 

More News..