brand logo

වැසි සහ තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටෙයි

08 August 2019

අධික වර්ෂාවත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිද වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ විදුලි රැහැන්වලට ගස් කඩා වැටීම හේතුවෙන් මෙලෙස විදුලිය බිද වැටී ඇති බවයි. දෙහිවල, මාලඹේ, හෝමාගම, කොස්ගම, පයාගල, පුත්තලම, දඹුල්ල සහ නිකවැරටිය යන ප්‍රදේශවල විදුලිය බිද වැටීම් වාර්තා වේ. බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..