brand logo

වැසි ආපදා ගැන දැනුම් දෙන්න කෙටි අංකයක්

02 December 2020

බුරවි සුළි කුණාටුවට මුහුණදීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. වැසි සහිත කාලගුණික තත්ත්වයන් පිළිබද හදිසි තොරතුරු සදහා 117 කෙටි දුරකථන අංඛය අමතන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි. එම අංකයට අමතරව ආපදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අංශයේ 0112 670 002 සහ 0112 136 222 යන දුරකථන අංක ඔස්සේද තොරතුරු ලබා දිය හැකි බව කොඩිප්පිලි මහතා සදහන් කරයි.
 

More News..