brand logo

වැසිකිළිවලට වෙන් කළ කෝටි 40න් සජිත් නිවාස ණයට දෙන්න අරන්

19 October 2019

වැසිකිළි පහසුකම් නොමැති පවුල්වලට එම පහසුකම් ලබා දීම සඳහා 2019 අයවැයෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන හාරසියයක් නිවාස අධිකාරියට ලබා දී ඇති අතර එම මුදල් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා බවට එම අධිකාරිය සුරැකීමේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ. 2019 අයවැයෙන් වැසිකිළි පහසුකම් නොමැති පවුල් දෙලක්ෂ හැටදහසකට එම පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන හාරදහසක් වෙන් කළ අතර ඉන් පළමු වාරිකය ලෙස මිලියන හාරසියයක් පසුගිය මැයි මාසයේ නිවාස අධිකාරියට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් බව එම සංවිධානය පවසයි. එම පහසුකම් ලබා දීම සඳහා අයැදුම්පත්‍රද කැඳවා ඇති අතර අදාළ සුදුස්සන් තෝරා එම අධාර ලබා නොදී අදාළ මුදල් නිවාස ණය ලබා දීම සඳහා යොදා ගන්නා බවට නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංධානය පවසයි. මේ සම්බන්ධයෙන් නිවාස අධිකාරියේ සභාපතිවරයාගෙන් විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ මුත් එය අසාර්ථක විය. චමින්ද සේනාරත්න
 

More News..