brand logo

වැස්සට ඉස්කෝලෙකට ගිය ගෝඨාභයට උණුසුම් පිළිගැනීමක්

30 September 2019

පසුගිය සති කිහිපයේ මෙන්ම ගෙවී ගිය සතියේ ද ගෝඨාභය සිය ප්‍රචාරක කටයුතුවල නිරත වූ අතර ඒ වෙනුවෙන් පැවති රැස්වීම්, උත්සව, පිළිගැනීම් ගණනාවකට ම සහභාගි විය. මේ ආකාරයට මෙකී ගමන් ආරම්භ කෙරුණේ, රත්නපුරෙනි. ඒ අනුව පසුගිය සිකුරාදා ගෝඨාභය ගමන් ගත් හෙලිකොප්ටරය රත්නපුර නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබෑමට නියමිතව තිබුණත් ඒ වන විට පැවැති අධික වර්ෂාව හේතුවෙන් කුරුවිට බටුහේන නවෝද්‍යා පාසලට ‍හදිසි ගොඩබෑමක් සිදුකිරීමට සිදුවිය. හදිසියේ පැමිණි අමුත්තා කවුදැ’යි කියා සොයා බැලූ බටුහේන නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරුන් ද සිසු සිසුවියන් ද ලහි ලහියේ කුඩත් රැගෙන හෙලිකොප්ටරය අසලට ගිය විට ඔවුන්ට දැකගතහැකි වූයේ එහි සිටි ගෝඨාභය රාජපක්ෂ ය. මෙහිදී ගුරුවර ගුරුවරියන් ගෝඨාභයට ‘තේ උගුරක් බොන්නට’ ආරාධනා කළ අතර ගෝඨාභයට කැමැත්තෙන් ම ඊට එකඟ විය. ඒ අනුව ගුරුවරුන් සහ සිසු සිසුවියන් සමග ගුරු විවේකාගාරය වෙත ගිය ගෝඨාභය ඔවුන් හදිසියේ සූදානම් කළ තේ පැන් සංග්‍රහය භුක්ති වින්දේය. ඉන් අනතුරුව සිසු දරු දැරියන් සහ ගුරුවරුන්ට ගෝඨාභය සමඟ ඡායාරූප ගැනීමට අවැසි වූ අතර ගෝඨාභය ද ඊට ඉඩ දුන්නේ ය. "වැස්සක් හින්දා හරි මේ පාසලට එන්න ලැබිච්ච එක ගැන සතුටුයි" ගෝඨාභය සිසු දරු දැරියන් ට කීවේ ය.
 

More News..