brand logo

වැවේ ජල කාන්දුව නිසා ප්‍රදේශවාසීන් බියෙන්

15 January 2021

  කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හක්වටුනාව ජලාශයේ ජල කාන්දුවක් හටගෙන ඇත. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ ජලාශයේ වේල්ලේ වාන්දොරටු දිරාපත්වීම හේතුවෙන් ජල කාන්දුව සිදුවන බවයි. එසේම අක්කර අඩි 19,627ක ජල ධාරිතාවකින් යුතු මෙම වැවෙන් කුඹුරු අක්කර 6,300 ක් වගා කිරීම සඳහා දැනට ජලය සපයනු ලබනවා. ජලාශයේ වාන් දොරටු දිරාපත්වීමෙන් සිදුවන මෙම ජල කාන්දුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් නිසි බලධාරියෙකුගේ කඩිනම් මැදිහත්වීමක් අපේක්ෂාවෙන් සිටිනවා.
 

More News..