brand logo

වැවට වැටුන කැබ් රථයේ සිටි අයගේ සිරුරු ගොඩගෙන

20 December 2020

  මුලතිව් මල්ලාවි පොලිස් වසමේ වව්නිකුලම් වැවට පෙරලුන කැබ් රථයේ තිදෙනාගේ මළ සිරුරු අද (20) අලුයම වන විට සොයාගෙන ඇති බව මල්ලාවි පොලීසිය සඳහන් කරනවා. පැවති වර්ෂාව හේතුවෙන් පිරී ඇති වව්නිකුලම් වැව බැලීම සඳහා ඊයේ (19) සවස් කාලයේ පියා, දියණිය සමග යාබද නිවසක සිටි තවත් ළමුන් දෙදෙනෙකු එක්ව කැබ් රථයක ගමන් කරමින් සිටියදී කැබ් රථය වැවට පෙරලී යාමෙන් අනතුර සිදුව තිබෙනවා. වැව් බැම්මේ ලිස්සන සුලු ස්වභාවය හේතුවෙන් කැබ් රථය පෙරලී ගොස් ඇති බවට පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. මෙලෙස පෙරලීගිය කැබ් රථයේ සිටි පියා, දියණිය හා තවත් පිරිමි දරුවෙකු අතුරුදහන් වූ අතර එක් 13 හැවිරිදි දරුවෙකුගේ දිවි බේරා ගැනීමට යුද හමුදාව හා ප්‍රදේශවාසීහු කටයුතු කර තිබේ. අනතුරින් දිවි බොරාගත් 13 හැවිරිදි දරුවා මල්ලාවි ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මියගිය අයගේ පශ්චා් මරණ පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.
 

More News..