brand logo

වැලි තොටුපොළක තිබූ බෝට්ටු 35 කට ගිනි තියලා

07 September 2018

සේරු නුවර පොලිස් වසමට අයත් තිත්තන්චෙට්ටි වැලිතොටුපලෙහි නවතා තිබූ ෆයිබර් ග්ලාස්යාත‍්‍රා 35 ක් කිසියම් පිරිසක් විසින් අද (07දා) අලුයම ගිනි තබා විනාශ කර ඇති බව සේරුනුවර පොලිසිය පවසයි. වැලි ගොඩදැමීමට මහවැලි ගගෙහි නවතා තිබූ මෙම යාත‍්‍රා මතට පෙට්ට‍්‍රල් සහ ටයර් දමා ගිනි තබා ඇති බවට පොලිසිය සැකකරයි. ගින්නෙන් සියලූම යාත‍්‍රාවලට හානි සිදුව ඇති අතර එම කිසිදු යාත‍්‍රාවක් යළි භාවිතයට ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් ගින්නට හසුවූ යාත‍්‍රා 35 හිමිකරුවන් 26 දෙනෙකුට අයත්බවත් පොලිසිය පවසයි. සේරුනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි.
 

More News..