brand logo

වැලි ජාවාරම්කරුවන් පලා යාමට තැත්කිරීමේදී විශේෂ කාර්ය බලකායෙන් වෙඩි - පුද්ගලයෙකුට තුවාල

15 September 2019

යාපනය අරියාලේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. වැලි ජාවාරම්කරුවන් පිරිසක් ට්‍රැක්ටර් රථයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ යතුරුපැදි කණ්ඩායමක් යට කර පළා යාමට තැත් කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. වැලි ට්‍රැක්ටරයේ හප්පාගෙන යාමෙන් පොලිස් විශේෂ කාර්ය බලකා යතුරුපැදි සමාජිකයෙකු ද තුවාල ලබා රෝහල්ගත කළ බව ද පොලීසිය ප්‍රකාශ කළ අතර ට්‍රැක්ටරයේ ගමන් ගත් අයෙකු පාදයකට වෙඩි වැදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ට්‍රැක්ටර් රථය සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.
 

More News..