brand logo

වැලිසර රංගල නාවික කඳවුරුවල දැන් කෝවිඩ් නැහැ

16 June 2020

වැලිසර නාවික හමුදා කඳවුර සහ රංගල නාවික හමුදා කඳවුරු මේ වන විට කොරෝනා වයිරසයෙන් ​තොර කලාප බවට පත්ව ඇතැයි වසංගත විද්‍යා අංශය තහවුරු කරයි. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහඩවන ඊයේ (15 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් තවදුරටත් වාර්තා නොවන බවයි. එම කඳවුරු යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය​ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් දී තිබෙන බවද ඇය එහිදී පැවැසුවාය. මේ වන විට වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයන්ගෙන් සියයට හැත්තෑවක් පමණ සුවය ලබා ඇති බවද විශේෂඥ වෛද්‍ය පබා පලිහඩවන වැඩිදුරටත් එහිදී කියා සිටියාය. වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් පොකුර නිසා ආසාදිතයන් අටසිය අසූවක් වාර්තා වූ අතර පෙරේදා (14 වැනිදා) වන විට ඉන් හත්සිය අට දෙනෙකු සුවය ලබා පිටව ගොස් සිටියාය.
 

More News..