brand logo

වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් 30කට කොරෝනා

23 April 2020

කොවිඩ් 19 ආසාදනය වූ නාවික භටයා ඇසුරු කළ අය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. (PCR) පරීක්ෂණයෙන් එම නාවික භටයා ඇතුළුව 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (23) මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික භටයකුට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත කරන ලද PCR පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු විය. ඒ අනුව ඔහු සේවය කළ වැළිසර නාවික හමුදා කදවුරේ ඔහු ජීවත් වූ භට නිවාසය, වහාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ අතර එම භට නිවාසයේ සිටි සියලුම අය නිරෝධායනයට ලක් කිරීමටත්, එම සියලු නාවුක නැවියන්, පී සී ආර් පරීක්ෂණයට භාජනය කළේය. ඔහු සමඟ ගැවසුණ සියලු අය මේ අනුව පරීක්ෂණවලට භාජනය කර තිබේ. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී ඇති අතර ආසාදනය වූ නැවියා ඇතුළු 30 දෙනෙකුට කොවීඩ් 19 ආසාදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 368ක් දක්වා ඉහළ යනු ඇති. අද දිනය තුළ පමණක් හඳුනා ගැණුනු රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..