brand logo

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය සඳුදා සිට විවෘතයි

03 November 2020

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළෙඳුන් සදහා ලබන සඳුදා (09) සිට විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව හෙට (04) දිනයේ වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන 365 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ එම පරීක්ෂණ වාර්තා හැකි ඉක්මනින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ලබන සෙනසුරාදා වැලිසර ආර්ථික මධ්‍යස්ථානය, පොලීසියේ සහය ඇතිව මුළුමනින්ම විෂබීජහරණය කිරීමටද කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබේ. පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් වූ පිරිස් පමණක් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කරගන්නා ලෙසත් දැඩි ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ක්‍රියාවට නැංවිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වෙළෙඳ සංගම් නියෝජිතයන්ට මෙන්ම ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරීත්වයට දැනුම් දී තිබේ. මේ අතර නාරාහෙන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන හෙට (04) සිට තොග වෙළෙඳාමට විවෘත කිරීමට නියමිතයි.
 

More News..