brand logo

වැලිසර ආර්ථිකයේ 12කට කොවිඩ්

01 May 2021

වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සේවක සේවිකාවන් 12 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වේ. ආර්ථික මධ්‍යස්ථානයේ සේවක සේවිකාවන් හා ත්‍රිරෝද රථ රියදුරන් අද (01) පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර එහිදී පුද්ගලයින් 140 දෙනෙකු සඳහා සිදුකළ පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ. ආසාදිතයින් හඳුනාගත් වෙළෙඳසල් වසා දැමීමට පියවර ගෙන ඇති අතර තවත් වාර්ත ලැබීමට නියමිත බව ද වාර්තා වේ.
 

More News..