brand logo

වැලිමඩ සහකාර පොලිස් අධිකාරීවරයාට කොවිඩ්

13 May 2021

වැලිමඩ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇත. ආසාදිතයින් වාර්තා වීමත් සමඟ එම කාර්යාලය අද (13) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. බදුල්ල පදිංචි මෙම කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයා සහ යහලඅරාව පදිංචි ප්‍රධාන ලිපිකරු වැලිමඩ පදිංචි කාන්තා පොලිස් සැරයන්වරියකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත. මෙහි සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කළ බවත් සෞඛ්‍ය අංශ සදහන් කරයි.
 

More News..