brand logo

වැලිමඩ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක

20 December 2018

පෙරේදා (19) පස්වරුවේ වැලිමඩ නගරයේ ප‍්‍රධාන බස් රථ නැවතුමේදී පෞද්ගලික හා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් පෞද්ගලික බස් රථයක හිමිකරුවෙක් මිය යෑමේ සිද්ධියට විරෝධය පල කරමින් හා මෙවන් ගැටුම් මින් මතුවට ඇති නොවන සේ විධිමත් බස් රථ කාල සටහනක් සකසා දෙන ලෙස බලධාරින්ට බල කරමින් වැලිමඩ නගරයෙන් ගමන් ආරම්භකරන සියළුම පෞද්ගලික බස් රථ අද (20) දා පෙරවරුවේ බස් ධාවනයෙන් ඉවත් වී විරෝධතාවයක නිරත විය. මෙම විරෝධතා කරුවන් ප‍්‍රධාන බස් නැවතුම් පොලේදී මෙලෙස විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් ලංගම බස් රථ වලට ධාවනය කිරීමට බාධා එල්ල විම නිසා ලංගම බස් රථද ධාවනයෙන් ඉවත් වී කැප්පෙටිපොල ලංගම ඩිපෝව වෙත නැවත ගමන් කරන ලදි. පහරදීම සිදු කල ලංගම සේවකයින් සදහා වහා දැඩි දඩුවම් ලබා දෙන ලෙසත් මින් ඉදිරියට මෙවන් සිදුවීම් සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බල කරන විරෝධතා පුවරු රැගෙන වැලිමඩ ප‍්‍රධාන බස් නැවතුම් පොලේදී පෞද්ගලික බස් රථ සේවකයින් මෙලෙස විරෝධතාවයේ නිරත විය. මේ හේතුවෙන් දෛනික කටයුතු සදහා වැලිමඩ නගරයට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටි අතර මෙම ගැටළුව විසදීම සදහා වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් දෙපාර්ශවය කැදවා සාකච්පැජාවක් පැවැත්වුවද එහිදිද එකතාවයකට පත් නොවුහ. පෞද්ගලික බස් රථ සේවකයින් පවසා සිටියේ අද (20) දිනය පුරා මෙම පෞද්ගලික බස් රථ වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. පොලිසිය සමග පැවති සකච්ජාවෙන් පසු ලංගම බස් රථ වැලිමඩ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පලට නොපැමින නගරයට පිවිසෙන මාර්ග ආසනන්යේ සිට මගින් ප‍්‍රවාහන කටයුතු වල නිරත වි සිටින අයුරුද දැක ගන්නට ලැබින. වැලිමඩ - පේ‍්‍රමලාල් රත්නායක
 

More News..