brand logo

වැලිකන්දේ පාසල් ඉඩමකින් පුද්ගල නාශක බෝම්බ දෙකක් සොයාගැනේ

07 June 2019

පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ පාසලක් පිටුපස පිහිටි ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. වැලිකන්ද පොලීසිය ඊයේ (06 ) දින මෙම බෝම්බ දෙක සොයාගත් බවයි. එම ස්ථානය යුද හමුදාව විසින් යුද සමයේ පවත්වාගෙන ගිය මුරපොළක් බව පොලීසිය සඳහන් කරයි. මේ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් එම බෝම්බ දෙක නිෂ්ක්‍රීය කර පුපුරුවා හැරීමට කටයුතු කර තිබේ.
 

More News..