brand logo

වැලිකන්දේ කොරෝනා රෝගියෙක්ට හෙද නිලධාරියෙක් පහර දීලා

26 November 2020

පොළොන්නරුව වැලිකන්ද විශේෂ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියකුට පහරදීම සම්බන්ධයෙන් එම ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරියකු ඊයේ (25 වැනිදා) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය. මෙසේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගියා රාජාංගණය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක තරුණයෙකි. පෙරේදා (24 වැනිදා) රාත්‍රී පැනයාමට උත්සාහ දරද්දී රෝගියා අල්ලාගැනීම සඳහා ඔහු සමග පොරබදා ඇති බවත් එහිදී සිදු වූ පහරදීමක් සම්බන්ධ‍යන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම හෙද නිලධාරියා අත්අඩංගුවට ගත් බවත් වැලිකන්ද පොලිසිය කියයි. බණ්ඩාර මුදියන්සේ - පොළොන්නරුව
 

More News..