brand logo

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරී බැරැක්කය

18 January 2020

වැලිකඩ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සිරකරුවන්ට ලැබෙන පහසුකම්වත් ඔවුන් ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන්ට නොලැබෙන බව වාර්තා වේ. එහි රාජකාරි කටයුතු කරන ජේලර්වරුන් රැඳී සිටින බැරැක්කයේ 240ක් පමණ සිටින අතර, එහි මූලික පහසුකම්වත් නොමැති බව එම නිලධාරීහු පැවසූහ. ඔවුන්ගේ පරිහරණයට ගැනීමට සිදුව ඇත්තේ අසූචි මිශ්‍ර වී ඇති ජලය බවට රජයේ වෛද්‍ය පර්යේෂණාගාරයෙන් තහවුරු කරගෙන ඇත. එහි ළිඳෙන් ලබාගත් ජලය පරීක්ෂා කර එම තහවුරු කිරීම සිදුකර ඇත. එම නිලධාරීන් 240 දෙනාට පාවිච්චි කිරීමට ඇත්තේ වැසිකිළි 7ක් පමණක් බවත්, ඒවාද ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇති බව එම නිලධාරීන් සඳහන් කළේය. එම බැරැක්කය වසර 15කින් පමණ අලුත්වැඩියා කර නොමැති අතර, වැසි දිනවල වහලයෙන් ජලය කාන්දු වීම නිසා රාජකාරි ඇඳුම පවා බේරාගැනීමට නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුව ඇත. ඊට අමතරව ඉඩ පහසුකම් නොමැති වීමෙන් ඉතා අපහසුවෙන් එහි ඇඳන් සකස් කර ඇති අතර මදුරුවන් සහ මකුණන් නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවට මුහුණ පා ඇති බව සඳහන් වේ. චමින්ද සේනාරත්න
 

More News..