brand logo

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ විශේෂ සෝදිසියක්

06 September 2020

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදි ජංගම දුරකථන ඇතුළු නීතිවිරෝධී උපකරණ සොයාගෙන තිබෙන බව පැවසෙනවා. බන්ධනාගාර පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර බුද්ධි අංශ විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම උපකරණ සොයාගෙන ඇති බවයි. මොවුන් සන්තකයේ ජංගම දුරකථන 13ක්, සිම්කාඩ් 07ක්, බැටරි 150ක්, හැන්ඩ් ෆ්‍රී 02ක් සොයාගෙන තිබෙනවා. එම උපකරණ සොයාගත් සිරමැදිරි වල රැඳවියන් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇත. බන්ධනාගාර බුද්ධි අංශ වලින් සොයාගන්නා තොරතුරු මත තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේය. අදාළ උපකරණ සොයාගත් සිරකුටිවල රැඳවියන් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශ වලින් ලබාදෙන තොරතුරු අනුව තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටිනවා.
 

More News..