brand logo

වැලිකඩ පාලනය කරන්න සිරකාරියෝ රට වටේ යවති

20 August 2018

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා සිරකාරියන් බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරිය නැවත කැඳවන ලෙස ඉල්ලා අද (20 දා ) බන්ධනාගාරයේ වහල මත නැගී ආරම්භ කළ විරෝධතාවයක් මැඩ පැවැත්වීම සඳහා රැඳවියන් පනස් දෙදෙනෙකු (52) අත්අඩංගුවට ගෙන වෙනත් බන්ධනාගාර 4ක් වෙත මාරු කර යවා ඇත. ගාල්ල, කුරුවිට, බෝගම්ම්බර ( පල්ලෙකැලේ) සහ කළුතර බන්ධනාගාර වලට මෙම සිරකාරියන් මාරු කර යැවූ බව බන්ධනාගාර ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා අප කළ විමසීමේදී ප්‍රකාශ කළේය. විරෝධතාවය මැඩ පැවැත්වීමට යාමේදී ගැටුමක් හටගෙන ඇති අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ සිරකාරියන් 3 දෙනෙකු තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.
 

More News..