brand logo

වැලිකඩ ඝාතන සම්බන්ධ නඩු විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

21 June 2019

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ඝාතන සම්බන්ධයෙන් නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුට ඉල්ලීමක් කර ඇත. 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ හදිසි මෙහෙයුමක් අතරවාරයේ රැඳවියන් හා පොලීසිය අතර ගැටුමක් නිර්මාණය වූ අතර එයින් රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්විය. මෙය හුදෙක් අහඹු සිදුවීමක් ලෙස එවක වාර්තා වූ අතර, නමුත් ඝාතනයට ලක්වූයේ ලැයිස්තු අනුව සොයාගිය පුද්ගලයින් බවත් එය සංවිධානාත්මකව සිදුකළ ඝාතනයක් බවටත් චෝදනා එල්ල විය මෙම සිදුවීම හුදෙක් අහඹු සිදුවීමක් ලෙස එවක වාර්තා වූ නමුදු ඝාතනයට ලක්වූයේ ලැයිස්තු අනුව සොයාගිය පුද්ගලයින් බවටත්, එය සංවිධානාත්මකව සිදුකළ ඝාතනයක් බවටත් චෝදනා එල්ල විය.
 

More News..