brand logo

වැල්ලව පොලීසියේ සියලුම නිලධාරීන් නිරෝධායනයට

04 December 2020

වැල්ලව පොලිස් ස්ථානයේ සේවය කරන සියළුම කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. ඒ, කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ පොලිස් කොස්තාපල්වරියක් පැමිණි සාදයකට වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වීම හේතුවෙනි. මෙම තත්ත්වයත් සමග වැල්ලව පොලිසිය අද (04) තාවකාලිකව වසා දමා විෂබීජහරණයට ලක් කර ඇත. ඉන් අනතුරුව එහි රාජකාරි කටයුතු සදහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් පිරිසක් අනියුක්ත කිරීමට පියවර ගෙන ඇත. වැල්ලව, සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි කොළඹ පොලිස් ස්ථානයක සේවය කරන මෙම කොස්තාපල්වරිය තම මවද සමඟ සිය ගම් ප්‍රදේශයේ පැවැත්වූ සාදයකට සහභාගි වී තිබුණි. එම සාදයෙන් පසුව කොස්තාපල්වරියත්, ඇගේ මවත් රෝගාතුර වී ඇත. කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ මතුවීමත් සමග කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබේ. එහිදී මොවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. එම සාදයට සහභාගි වූ බවට කියන වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ද නිරෝධායනයට යොමු කර තිබේ.
 

More News..