brand logo

වැල්ලවාය සතිපොළ වෙනත් ස්ථානයකට රැගෙන යනවාට විරෝධය (Photos)

03 December 2018

වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් වැල්ලවාය සතිපොල ප්‍රතිසංස්කරණ කටයුත්තක් සදහා තිබු ස්ථානයේන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට විරෝධය පල කරමින් වැල්ලවාය නගරයේ දී අද උදෑසන විරෝධතාවක් පැවැත්වීනි. පොල දැන් පවත්වාගෙන යන ස්ථානයේන් ඉවත් කර ලබා දෙන තාවකාලික ස්ථානය නිසි පරිදි නොමැති බවත්,එම ස්ථානය වෙනුවට වෙනත් සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙස හෝ මේ වන විට පොල පවත්වාගෙන යන ස්ථානයම ලබා දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි. නගරයේ කලු කොඩි ඔසවා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් විරෝධතාවේ නිරත වූ අතර ඒ සදහා නගරයේ පොල භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ වෙලදසැල් හිමියන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ. විරෝධතාකරුවන් විසින් වැල්ලවාය නගරයේ උද්ඝෝෂණය සිදු කර පා ගමනින් වැල්ලවාය ප්‍රාදේශීය සභාව වෙත ගොස් විසදුමක් ලබා දෙන ලෙස බල කර ප්‍රාදේශීය සභා භූමියේ දී උද්ඝෝෂණයේ නිරත විය.නමුත් ප්‍රාදේශීය සභාවේ සභාපති ලේකම් හා වෙනත් වගකිවයුතු කිසිවෙකු සභාවේ නොසිටි අතර එම නිසා උද්ඝෝෂකයින් දැඩි කෝපයට පත් විය. ඔවුන් සභා භූමියේ දී සිය විරෝධතාව ල කරමින් සිටි අතර පසුව වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා පැමින සමග හෙට දින සාකච්ඡාවක් ලබාදෙන බව පැවසීමත් සමග උදෑසන ආරම්භ වූ විරෝධතාව උදෑසන එකොලහට පමන අවසන් කර උද්ඝෝෂකයින් විසිර ගියහ. වැල්ලවාය - ජයන්ත වීරසේකර
 

More News..