brand logo

වැල්ලවත්ත පොදු වෙළඳ සංකීර්ණයේ 12කට කොවිඩ්

21 January 2021

වැල්ලවත්ත පොදු වෙළඳ සංකීර්ණයේ සේවය කරන සේවකයින් 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ. වෙළඳ සංකීර්ණයේ පසුගිය 19 වනදා පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂණ වාර්තා අනුව මෙම ආසාදිතයින් 12 දෙනා හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඔවුන්ගේ ආශ්‍රිතයින් 21 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර ඇති අතර පොදු වෙළඳ සංකීර්ණයට පිවිසීම සීමා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ
 

More News..