brand logo

වැරැදි වැටහීම් නිවැරැදි කරගෙන ඉදිරියට යමු - ස්විස් රජයෙන් පණිවුඩයක්

01 January 2020

පසුගිය සති කිහිපය පුරා තම රට වන ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සිදුවූ වැරදි වටහා ගැනීම් නිවැරැදි කරගෙන සබඳතා නැවත ශක්තිමත් කළ යුතු බව මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි. ශ්‍රී ලංකාවේ අදාළ අංශ විසින් තානාපති කාර්යාල සේවිකාවක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තහවුරු නොකරන ලද තොරතුරු මහජනතාවට සම්ප්‍රේෂණය වූ බව එහි සඳහන්ය. එමගින් දෙරට අතර පිහිටි සබඳතාවට සහ සුහදතාවට අනවශ්‍ය කළු පැල්ලමක් එක්වූ බවත් ඉන් කිසිදු අයුරකින් ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට හානි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව ද කියා සිටියි. ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව රටවල් ද්විත්වයම රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් පවත්වාගෙන යෑම වැදගත් බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
 

More News..