brand logo

වැරදුන PCR පරීක්ෂණ නිසා ලෙකෝ සේවකයන් අමාරුවේ

18 October 2020

ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුනා ගනු ලැබුවේ වරදීමකින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරනවා. පෞද්ගලික රෝහලක සිදුකළ මෙම පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදි ලෙස ලබාදී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරනවා. මෙම වැරදි වාර්තා හේතුවෙන් කඳාන ලෙකෝ ආයතනයේ සේවකයන් කිහිප දෙනකු සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයක සේවකයන් කොරෝනා රෝගීන් යොමුකරන රෝහල්වලට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහල තමන් දුන් වාර්තාව වැරදි බව පසුව ප්‍රකාශ කිරීමත් සමග එම සේවකයන් රෝහල් වලින් ඉවත්කර නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත. පසුව විදුලි පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතරින් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු නොවූ හත් දෙනකු ආපසු යැවීමට කටයුතු කර ඇත. නමුත් මේ වන විට ලෙකෝ සමාගම තම ආයතනයේ සේවය කරන සාමාජිකයන් සඳහා ගෙවීම් සිදුකර නිරෝධායනය විය හැකි හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ. ලෙකෝ සමාගමේ නිලධාරීන් ඒ අනුව දික්වැල්ල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් තම අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටින බවයි. ඔවුන්‍ කොරෝනා ආසාදිතයන් සිටින රෝහලට යොමු කළ දින සිට දින 14කින් යළි පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් එම ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරයකු සඳහන් කරනවා.
 

More News..