brand logo

හාල් කතාවේදී තමන්ට වැරදුන බව බන්දුල පිළිගනී

07 April 2021

තමන්ගේ සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක පවුලකට යැයි කියවෙන්න ඇතැයි වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි. එක පවුලකට සහල් කිලෝ තුනක් සති දෙකකට ප්‍රමාණවත් බවට තමන් පසුගියදා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය පිළිබව කරුණු දක්වමින් ඇමැතිවරයා මේ බව සදහන් කළේය. වෙළෙද අමාත්‍යාංශයේදී අද (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය. සතොස/ලක් සතොස ආයතනයේ සභාපති ආනන්ද පීරිස්, සතොස ප්‍රධාන විධායක නිළධාරී අනුර පණ්ඩිතරත්න යන නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි විය. පුද්ගලික අංශය විසින් සපයන සහන මල්ල සතොස සපයන රුපියල් දහසේ සහන මල්ලට වඩා අඩු ප්‍රමිතියකින් යුතු බවද ​ඇමැතිවරයා කීවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, “අද විපක්ෂය මම කියපු වචනයක් අල්ලාගෙන සිටිනවා.එය කිසිම කෙනෙකුට හානියක් වන දෙයක් නොවෙයි.ලූණු කිලෝවක් පවුලකට සති දෙකකට ඇති. පරිප්පු කිලෝවක් සති දෙකකට ඇති.මම කියන දේ නොවෙයි වැදගත් වන්නේ කරනදේයි වැදගත් වන්නේ.මම ප්‍රකාශ කරද්දී සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වරදින්න පුළුවන්.පුද්ගලයෙකුට කියන එක, පවුලකට කියලා කියවෙන්න පුළුවන්.ඒවා සිද්ධි විතරයි.කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් අසන්න පුළුවන් ජනතාවක් මෙම වැඩපිළිවෙල වැළදගෙන සිටින නිසා සතොස වෙළෙදසැල් වල සාමාන්‍ය දෛනික අලෙවිය රුපියල් කෝටි දෙකකින් පමණ ඉහළ ගොස් තිබෙනවා." කෙසේ වෙතත් පසුගිය 05 වනදා සහල් කිලෝග්‍රෑම් තුනක් එක පවුලක් සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කලේය. එතැන් සිට මේ දක්වා වූ සිදුවීම පහත වීඩියෝවෙන් බලන්න... https://youtu.be/sQzKBwr02PM
 

More News..