brand logo

වැන් රථයක් අනතුරට පත් විමෙන් 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරේ

02 January 2019

රත්නපුර හපුගස්තැන්න සිට හැටන් දික්ඔය දක්වා ධාවනය වු වැන් රථයක් අනතුරට පත් විමෙන් එම වැන් රථයේ ගමන් ගත් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සි.ධර්මප්‍රිය මහතා පැවසිය. අද (02) 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව කැම්පියන් පෙට්රොසෝ වත්ත ප්‍රදේශයේදිය. තුවාලකරුවන් අතර කුඩා ළමුන්ද කිහිප දෙනෙකු සිටින බවත්,ඔහුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි බගවනන්තලාව රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ. රත්නපුර හපුගස්තැන්න කතොලික දේවස්ථානයක පියතුමෙක් හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට ඇරලිම සදහා ගමන් කරමින් සිටි පිරිසකුයි මෙසේ අනතුරට පත් වි ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ. තුවාලකරුවන් අතර ස්ථාන මාරු විම ලැබු පියතුමාද සිටින බවත්, අධික බැවුම් සහිත ප්‍රදේශයේ වැන් රථය ධාවනය වන අවස්තාවේ වැන් රථයේ තිරිංග ක්‍රියා විරහිත විම නිසා වැන් රථය ප්‍රධාන මාර්ගයේ පස් කන්ඩියක ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටින්නේ. මෙම වැන් රථය අනතුරට පත් විම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ද පැයකට ආසන්න කාලයක් ඇණ හිට තිබුණි.
 

More News..