brand logo

වැඩ නැහැ... ෆොටෝ ෂූට් විතරයි - ටීනා ෂනෙල්

15 September 2020

යෞවනයේ ආකර්ෂණීය තරුවක් වන ටීනා ෂනෙල්ගේ විවිධ විලාසිතා හා විවිධ ඉරියව් රැගත් ඡායාරූප මේ දිනවල සිය ෆේස්බුක් ගිණුම හරහා සමාජය වෙත මුදාහරිමින් සිටිනවා. ටීනා මේ විදිහට සිය ජායාරූප පමණක් රසිකයන්ට තිළිණ කරන්නෙ රංගන කටයුතු මගහරිමින් ද? මේ දවස්වල ෆොටෝ ෂූට් ගොඩක් කළා. ඒ දේවල් නිරූපිකාවක් විදිහට මම දායකත්වය ලබාදෙන වෙළෙඳ භාණ්ඩ ප්‍රවර්ධනය වෙනුවෙන් කෙරුණ ජායාරූප. මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයකට ඇරයුමක් ලැබිල තියෙනවා. ඒක තවම පටන් ගත්තෙ නැහැ. ඒ ගැන ඉදිරියේ කියන්නම්. ඒ වගේම මගේ රංගන දායකත්වය ඇති ගින්දරී ඇතුළු චිත්‍රපට දෙකක් ඉදිරියේ තිරගත වෙන්න නියමිතයි. මම රංගනයෙන් ඈත් වෙලා නැහැ. මට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් මම ඒක කරනව, ඒ අතර නිරූපිකාවක් විදිහට මගේ වැඩ දිගටම කරගෙන යනව.
 

More News..