brand logo

වැඩි මිලට කුකුළු මස් විකුණන කඩ හොය හොයා වටලයි

15 June 2020

පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන වෙළෙඳසල් සොයා ඊයේ (14 වැනිදා) සිට වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සම සහිත බ්‍රොයිලර් කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 430කට, සම රහිත කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 500කටද අලෙවි කළ යුතු බව දන්වා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එහෙත් වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 650 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව පාරිභෝගික පැමිණිලි ලැබී ඇතැයි අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි. වැටලීම ආරම්භ කළ ඊයේ (14 වැනිදා) වැඩි මිලට කුකුළු මස් අලෙවි කළ ස්ථාන 13කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත. කුකුළු මස් කර්මාන්තයට අවශ්‍ය ආහාර සොයා ගැනීමේ ගැටලුව නිසා මෙම තත්ත්වය උදා වී ඇත. කුකුළු කෑම නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන බඩඉරිඟු මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ති​බේ. උදයජීව ඒකනායක
 

More News..