brand logo

වැඩි මිලට එළවලු විකුණුවොත් වෙළඳ බලපත් අහෝසියි

26 March 2020

කොළඹ මැනිං වෙළඳපොලේ වැඩි මිලට එළවලු අලෙවි කරන වෙළදුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරිමට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා උපදෙස් ලබා දී තිඛේ. අද උදාසන මැනිං වෙළඳපොල තුල ඇති වු එළවලු මිල පිළිබද ගැටලුවක් මත එම ස්ථානයට පැමිණි සභාපතිවරයා මෙම පියවර ගත්තේය. අද සිට පාලන මිලක් සහ ඒ අනුව ක්‍රියාකරන ලෙස මැනිං වෙළඳපොලේ වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා වෙත උපදෙස් ලබා දීම ද සිදුවිය. රටම කොරෝනා වෛරසයෙන් ගිල ගැනිමට බලා සිටින මේ මොහොතේ සියලු දෙනා මානුෂිය අයුරින් ක්‍රියා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා පැවසුවේ වැඩි මිලට එළවලු අලෙවි කරන වෙළඳසැල් හිමියන්ගේ වෙළඳ බපලත් අහෝසි කිරිමට පියවර ගන්නා බවයි. හේමන්ත ලියනපතිරණ
 

More News..