වැඩි මිලට ඉන්ධන අලෙවි කල අය සොයා වැල්ලවායේ මෙහෙයුමක්23 May 2022 වැඩි මිලට ඉන්ධන අලෙවි කල අය සොයා වැල්ලවායේ මෙහෙයුමක්23 May 2022 ඩීසල්,පෙට්රල් සහ භූමිතෙල් සමග සැකකරුවන් හත්දෙනෙකු පොලිස් අත්අඩංගුවට වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලවාය පොලිස් බල ප්රදේශයේ වැඩි මිලට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් සොයා විශේෂ වැටලීමක් සිදු කර ඇත. එම වැටලීමේදී වැඩි මිලට ඉන්ධන අලෙවි කල සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ඩීසල් ලීටර් එකසිය 97ක් ,පෙට්රල් ලීටර් 92 සහ භූමිතෙල් ලීටර් 15ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. ඊට අමතරව ඉන්ධන අලෙවිය සදහාම සකස් කල බැරල් ඇතුළු උපකරණ රැසක්ද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉතාමත්ම අධික මිලකට ඉන්ධන අලෙවි කර ඇති අතර එම සැකකරුවන් වැල්ලවාය,හදපානාගල,කැහැලිය,බුදුරුවාගල සහ වරුණගම යන ප්රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් හෙට (24) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි. ජයන්ත වීරසේකර