brand logo

වැඩිහිටි නිවාසයක කොරෝනා ආසාදිත කාන්තාවක මරුට

22 June 2021

මිල්ලනිය කැටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටි 91 හැවිරිදි කාන්තාවක් මියයාමෙන් අනතුරුව දේහයට සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොරෝනා ආසාදිත බව අනාවරණය වී තිබේ. ඒ අනුව නේවාසිකව සිටින වැඩිහිටියන්ට සහ එහි කාර්යමණ්ඩලයේ සාමාජිකයන් රැපිඩ් අන්ටිජන් පරීක්ෂණය සඳහා යොමුකර තිබෙන අතර එහි වාර්තාව අනුව කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ වැඩිහිටියන් 4 දෙනකුට වෛරසය ආසාදිත බව තහවුරු වී ඇත. මේ අනුව ඔවුන් පෞද්ගලික රෝහලක් වෙත යොමුකර තිබේ. එසේම ආසාදිත කාර්යමණ්ඩල සේවකයන් දෙදෙනාගේ නිවෙස් වල සාමාජිකයන් ද නිරෝධායනයට යොමු කර තිබේ.
 

More News..