brand logo

වැඩිහිටි නිවාසයකටම කොරෝනා ආසාදිත වෙයි

31 May 2021

අංගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක 29දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. ඒ එම වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මියයෑමත් සමඟ සෙසු සියලුදෙනා පීසීආර් පරීක්ෂාවකට යොමු කිරීමෙන් අනතුරුවයි . මේ අනුව එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 27දෙනෙක් හා එහි කළමනාකාරීත්වයේ සේවය කරන දෙදෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී ඇත. ආසාදිතයන් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමේ අපහසුතාවක් මතුව තිබෙන බව මහජන සෞඛ්‍යය පරීක්ෂක අජිත් විතානගේ මහතා සඳහන් කරයි. ඒ අනුව වැඩිහිටි නිවාසය ම නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තීරණය කර ඇත.
 

More News..